Session 06 – Patterning in SOLIDWORKS

 Patterning in SOLIDWORKS


Why Use Patterns?

1️⃣ Reuse of Geometry (Seed Concept) : එක වගේ features ගොඩක් හදාගන්න Patterning තාම SOLIDWORKS වල තියෙන හොදම Feature එක. patterning වල අපි මුලින්ම Seed feature එක Create කරගෙන එක use කරලා අපේ instances (Copies) ටික Create කර ගන්නවා.  

The seed can be:

  • A hole

  • A cut

  • A boss

  • Or multiple features together

2️⃣ Automatic Updates When Changes Happen: මේ විදට pattern features use කරපුවම අපේ model එක change කරන එක ගොඩක් ලේසි වෙනවා  

When you modify the seed:

  • Diameter change

  • Depth change

  • Add/remove fillets

All pattern instances update automatically. 

මේ නිසා අපිට features Manual කරන්න ඕනේ නැ, Features Modify කරන්න අමතක වෙන්නේ නැ, Changes වලදී අපේ model එක fail වෙන්නනේ නැ. 

3️⃣ Assembly-Level Advantage (Feature Driven Patterns): Feature Driven Patterns use කරලා අපි part level එකේ create කරපු Patterns අපිට reused කරන්න පුළුවන්  assemblies වල 

Example:

  • Hole pattern in a plate

  • Bolts, nuts, washers placed automatically in assembly



4️⃣ Smart Fasteners Support: අපි assembly එකට Smart Fasteners use කරනවා නම් Patterns තියෙන features automatic recognize කරගෙන අදාල Fasteners automatically add කරනවා 

When holes are patterned:

  • Correct fasteners

  • Correct quantity

  • Correct placement

Automatically.

Note: Patterning කියන්නේ button එකක් නෙවෙයි. ඒක thinking style එකක්.

හිතන්න:

  • මේ feature එක repeat වෙනවද?

  • Future change එකක් තියෙනවද?

  • Assembly එක depend වෙනවද?

Answer “ඔව්” නම් → Pattern කරන්න.



 

Comments