-- SOLIDWORKS කොහෙන්ද ඉගෙනනනේ --
සාමාන්‍යයෙන් මගේ Facebook එකට msg එන්නේම නැති තරම් හැබයි මේ අලුත් අවුරුද්දේ මට වෙනදාට වඩා msg ටිකක් වැඩිපුර එන්න ගත්තා. ඒ msg හැම එකේම වගේ තියෙන ලංකාවේ කරන්න හොඳ SOLIDWORKS Course එකක් කියන්න කියලා 🫠 මම SOLIDWORKS සුපිරියට දන්න කෙනෙක් නෙමෙයි හැබයි SOLIDWORKS Certification කීපයක් තියෙනවා. ඉතින් මම ඒ හැම කෙනාටම කිව්වේ ඔයාට සල්ලි තියෙනවා නම් ඔයා Course Content බලලා Course එකක් කරාට කමක් නෑ හැබැයි ලංකාවේ තියෙන හැම Course එකම ලෝකෙ පිළිගන්නේ නෑ අනිත් එක SOLIDWORKS කියානේ Tool එකක් විතරයි තව ඕනේ තරම් Mechanical design software's තියෙනවා හැබයි SOLIDWORKS ලංකාවේ සහ ලෝකෙ ගොඩක් තැන් වල Use කරනවා. ඒ නිසා එක ඉගෙනගන්න එක වටිනවා.
ඉතින් මේ ඔක්කොම ගැන හිතල මම Free SOLIDWORKS YouTube Course එකක් හැදුවා, එකේ Sessions ටික මම Weekly upload කරනවා.
Design Katha - https://www.youtube.com/@Design-katha
මේ Videos ටික Follow කරලා, https://designkatha.blogspot.com/ මේ blog එක කියවලා එකේ තියෙන Exercises ටික කරලා ඔයාලගේ SOLIDWROKS සහ CAD Skill එක වැඩි කර ගන්න පුළුවන්
ඊළඟට ඔයාට Certificate එකක් ඕනේ නම් ඔයා යන්න SOLIDWORKS certification Program එකට
https://www.solidworks.com/solidworks-certification-program
මේකේ තියෙනවා World Recognized certification Program එකක් Exam ටිකක් තියෙනවා ඒ ටික කරන්න තියෙන (සල්ලි ගෙවන්න ඕනේ හැබැයි Price ටික උඩ link එකේ තියෙනවා) ඔයාට Certificate එක ගන්න පුළුවන් (මේ certificate එක කොයි තරම් Valid ද කොහොමද ගන්නේ Exam එක කොයි වගේ ද කියලල්ත් Video Series එකක් මම කරන්නම් ඉස්සහරට).
ඉතින් බොරුවට Local Certificate එකක් ගන්න වෙලාවේ ටිකක් මහන්සි වෙලා Internationally recognized certificate එකක් ගන්න එක වටිනවා කියලා මට නම් හිතෙන්නේ මේ හැම එකක් ම මගේ අදහස් විතරයි ඔයාලත් DYOR එකක් කරලා හොදම දේ කරන්න ජය වේවා. 😊!!
Comments
Post a Comment